COVID-19 Alert
- Spirit Studio
- Mar 25, 2020
- 2 min read
COVID-19 වෛරස් ව්‍යාප්තිය මේ වන විට වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට ඇත. මේ වන විට ශ්‍රී ලංකා රජයවිසින් මෙම තත්වය මවුබිම තුල පාලනය කිරීම සහ වසංගත තත්වයෙන් ජනප්‍රජාව ආරක්ෂා කරගැනීම සඳහා නිරෝධායන වැඩපිළිවෙළක් සහ ආරක්ෂකවැඩපිළිවෙලක් ආරම්භ කොට පවත්වාගෙන යන අතර රටේ පුරවැසියන් වශයෙන් වගකීම් සහගතව එයට දායකත්වය ලබා දෙන ලෙස කාරැණිකව ඉල්ලාසිටිමු.
මෙම අවස්ථාවේදී විදේශ ගතව සිට මවුබිම බලා ගමන්ගන්නා ඇතැම් පිරිස් කලහකාරී ලෙස හා අවබෝයකින් තොර ලෙස එම නිරෝධායන ක්‍රියාවලියන් වෙතබාධා කරන අයුරු පෙනී යන අතර කරුණාකර එවැනි බාධාකිරීම් වලින් තොරව පවතින ව්‍යසන තත්වය අවබෝධ කරගනිමින් එම ක්‍රියාවලිය සඳහා නිසිසහයෝගය ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ආරක්ෂන වැඩපිළිවෙලක් ලෙස ඇඳිරි නීතිය රටේ පොදු යහපත උදෙසා ක්‍රියාත්මක කර ඇති එයට පුද්ගලිකව සියළු දෙනා සහයෝගය දැක්විය යුතුය. එයලිහිල් කළ වහාම පුද්ගලයන් තම සුපුරැදු ක්‍රියාකලාපය නැවතත් පෙන්නුම් කිරීම හා තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේදී ඇතිවන දුශ්කරතා පිළිබදවපවත්නා රජයට හෝ දේශපාලන පක්ෂ වලට දොස් නැගීම සමහරක් පුද්ගලයන්ගෙන් දැකිය හැකි කරැණකි. (මෙය හුදෙක් දේශපාලන වාසි ලබා ගැනීමටපලකරන ලද්දක් නොවන බවද කිව යුතුය.) මෙම ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිදුකරන්නේ තමන්ට හා පවුලේ පුද්ගලයන්ට ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යභාන්ඩ මිලදී ගැනීම සඳහා මිස තමන් ගෙවූ සුඛෝපබෝභී ජීවිතය අඛන්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නොවන බව ඉතා පැහැදිලිවදැන ගත යුතු කරැණකි.
එහිදී සුපිරි වෙළද සැල් වල පෝලිම් වල සිටීමේදී තමා හා අනෙකුත් පාරිභෝගිකයන් අතර මීටරයක වත් දුරක් පවත්වා ගැනීමට උනන්දු වන්න. වෙළඳසැල්තුලට ඇතුල්වීමට පෙර සබන් යොදා සේදීමෙන් හෝ සපයා ඇති දෑත් පිරිසිදු කර ගැනීමේ දියර මගින් දෑත් මනාව පිරිසුදු කරගන්න. වෙළඳසැල් තුළ ගැවසීමේදීකිසිදු අවස්ථාවකදී කිසිදු හේතුවකට මුඛය නාසය සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වලකින්න. මෙම වෛරස බොහෝ දුරට පැතිරෙන්නේ මේ ආකාරයෙනි. උණ, සෙම්ප්‍රතික්ෂාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පවතී නම් කරුණාකර වෙළඳසැල් වලට යෑමෙන් වළකින්න. වෙනත් නිවැසියකු හරහා අත්‍යවශ්‍ය දේ ගෙන්වාගන්න. වෙළඳසැල් හිමියන්ද මේ මොහොතේ තමන්ගේ පෞද්ගලික ලාභ වැඩි කර ගැනීමට නොව ජාතියක් ලෙස මෙම වෛරසය මැඩ පැවැත්වීමට තමදායකත්වය ලබා දිම කළ යුතුය. එය සියළු අප දෙනාගේම ජාතික වගකීමයි.
අප මෙම වෛරසය පැතිරීම වැලැක්වීම පිළිබඳව දක්වන සැලකිල්ල තව තවත් වැඩි කළ යුතුය. මව, පියා, සහෝදර සහෝදරියන්, වැඩිහිටියෙකු නම්තමන්ගේ දරැවන් මෙම වසංගතයට ගොදුරැ වීම වැලැක්වීමට කළ හැකි සියළු දේ සිදු කරමු.
COVID19 වෛරසය මවුබිමෙන් සහමුලින් තුරන් කිරීමේ ජාතික වගකීමට අපේ සහයෝගය ලබා දෙමු.
-SPIRIT STUDIO-

Comments